රාජගිරියේ Cafe Beverly අවන්හලේ තායි, ඉන්දියානු සහ වෙනත් ආහාර වර්ග රැසක් පිළිගැන්වෙනවා. පහුගියදා එතැන තියෙන ආහාර වර්ග කිහිපයක්ම රස බැලීමේ අදහසින් අපි මේ අවන්හලට ගොඩවැදුණා. ඇතුළත සහ පිටත ආසන පනවා ඇති නිසාම බොහොම ප්‍රියමනාප සුවපහසු පෙනුමක් එහි දකින්න ලැබෙනවා.
අපි වැඩ පටන් ගත්තේ starters වලිනුයි. Honey Mustard Chicken, Hot Wings, Mutton Samosa සහ rumb Fried Crab Cake ඇතුළු කටගැස්ම වර්ග කිහිපයක් අපි රස බැලුවා. මේ සේරම ඉතාම රසවත්.
Hot Butter Cuttlefish හෝ Pad Krapow Gai or Basil Chicken මෙතැන පිළිගැන්වෙන ප්‍රධාන ආහාර වර්ග දෙකක්. මේ දෙක අතුරින් දෙවැනි ආහාරය තමයි වඩාත් රසවත්. ඒකට ප්‍රධානම හේතුව තමයි ලොකු කුකුළු මස් කෑලි යහමින් මේ බත් එකේ දකින්න ලැබුණා. ඒ වගේම හොඳ රසයකුත් තිබුණා. මෙතැන සී ෆුඩ් රයිස් එකත් මේ වගේම රසවත්. ඒකත් මුහුදු මාළු වර්ග හොඳට යොදලා සකස් කරලා තිබුණා.
මගේ හිත දිනාගත්තු තවත් රසවත් ආහාර දීසියක් තමයි මාළු සහ අලපෙති බැදුම. ඒක ඇත්තටම හොඳ මුසුවක්. මාළු වුණත් හරි ගාණට පදමට තිබුණා.
මෙතැන නාන් රොටිත් පිළිගන්වනවා. අපි නාන් රස බැලුවේ මලබාර් ඉස්සන් කරියක් සමඟයි. හොඳට පොල්කිරි යොදලා ඒ වගේම කටට දැනෙන සැරකුත් එක්ක හදලා තිබුණු මේ ඉස්සන් කරිය රස බලන්න නම් නැවතත් එහි යන්න හිතෙන තරම්!
මීට අමතරව චිකන් බිරියානි සහ පනීර් වගේ ආහාර වර්ග ගොඩක් මෙහිදී රස බලන්න පුළුවන්.
Sticky Rice with Mango සහ චොක්ලට් චිප් චීස් කේක් බ්‍රවුනි කියන අතුරුපස දෙක දිව පිනවන රසයක් ලබාදෙනවා. මේ බ්‍රවුනි එකේ පුළුන් වගේ ෆජ් ගතියට වඩා දැනුණේ කේක් රසයක්. ලේයර් දෙකක් තිබුණු මේ බ්‍රවුනි චීස් කේක් එකේ උඩින් සිනමන් අයිස්ක්‍රීම් ටිකකුත් යොදලා තිබුණා.
♦ නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
සේයාරූ - කණිෂ්ක ගනේවත්ත